Colombo Today Local News

බලධාරීන් දැන්වත් ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි – GMOA

දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ ප‍්‍රකාශ කර සිටිනවා.

එක දිගට දින තුනක්ම දිස්ති‍්‍රක්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තාවී ඇති බවත්, එමගින් කොරෝනා අවදානම වැඩිවීමක් දක්නට තිබෙන නිසා ජනතාවට හරි අවදානම තේරුම් ගැනීමට සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් රටට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට වෛද්‍යවරුන් 50 ක් පමණ කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත්, තවත් වෛද්‍යවරුන් 200 ක් පමණ නිරෝධායනය වෙමින් සිටින බව ද ඔහු පවසනවා .

දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමග වෛද්‍යවරුන් 100 කට පමණ කොරෝනා වැළඳුනු බව කී අලූත්ගේ මහතා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ බැලීමේදී සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් සිටින බවයි කියා සිටින්නේ

පවතින තත්ත්වය ගැන සත්‍ය ප‍්‍රකාශ නොකරන්නේ නම් පෙබරවාරි මැද පමණ වන විට කොරෝනා රෝගීන් වාර්තාවීමද වැඩිවිය හැකි බවද ඔහු අවධාරණය කරනවා

එංගලන්ත අගමැතිවරයා පවා නව කොරෝනා ප‍්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සත්‍ය ප‍්‍රකාශ කර තිබෙනව බව පෙන්වා දුන් වෛද්‍ය හරිත අලුත්ගේ පවතින තත්ත්වයෙන් යම් අඩුවීමක් ඇතිකර ගැනීමට කොරෝනා එන්නත මගින් අපේක්‍ෂා කළත් රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට සිදුකරන දෛනික පී.සී.ආර්. ප‍්‍රමාණය 15,000 සිට 20,000 දක්වා වැඩිකර ගැනීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු බව ද පෙන්වා දෙනවා.

Related posts

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

සහරාන්ගේ ඉන්දීය සගයන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාර ව්‍යර්ථ කරයි

colombotoday

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

colombotoday

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින්, ඔවුන්ද සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් !

colombotoday

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයි

colombotoday