Colombo Today Local News

විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු පිරිසක් අල්ලති

බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටාඬියෙකු ඇතුළුව පුද්ගලයෝ 05 දෙනෙකු අද (25)දින අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බකමූණ ජයසිරිපුර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයෙක වැඩ වසන හිමි නමක් සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 04 දෙනෙකි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයේ වැටලීම සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ කට්ටාඬියා මල් බුලත් තට්ටුව,සුවඳ දුම්,දෙහි ගෙඩි ආදිය තබාගෙන මන්තර ජප කරමින් සිටි බව පොලීසිය පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සහ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා සැකකරුවන් බකමූණ පොලීසියට බාරදී තිබේ.

බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Related posts

රටට සතුරු ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. ඊට විරුද්ධ ජාතික නායකයන් දඩයම දැන් අරඹුනා !

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

“සාරියට මුවා වෙලා ජනතා හඩ යටපත් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday