Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23)දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබේ.

ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ ආරාධනාවකට අනුව පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

එහිදී හිටපු අගමැති රනිල් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි හිටපු අගමැති රනිල් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Related posts

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

යෝෂිත අනුරට එරෙහිව නඩු මගට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයි

Admin