Colombo Today Local News

ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

ffff
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරු බදු රහිත බලපත්‍රය උපයෝගී කර ගනිමින් මුදල් ඇමති රවී කරුණානායක විසින් මර්සිඩීස් බෙනස් GLS 350 කාණ්ඩයේ අධි සුඛෝපභෝගී රථයක් ලංකාවට ගෙන්වා ඇති අතර එම නිසා රුපියල් කෝටි තුනකට අධික බදු මුදලක් රජයට අහිමිව ඇති බවද වාර්තා වේ.

ඇමරිකාවේ සිට ඔහු එම රථය මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය 02 වනදා කොළඹ වරායට පැමිණි එම රථයේ CIF වටිනාකම දැක්වෙන්නේ යූරෝ 55000 ලෙසයි.

අයවැයෙන් සාමාන්‍ය ජනතාව මිලට ගන්නා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ නංවා ඇති අවස්ථාවක යහපාලන රජයේ ඇමතිවරුන් රජයට මිලියන ගණනින් අලාභ කරමින් මෝටර් රථ ගෙන්වමින් සිටියි.

ඉතා විශාල මුදලක් වියදම් දරමින් ඇමතිවරු වෙනුවෙන් අති සුඛෝපභෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ පසුබිමක් තුළ එම ඇමතිවරු මෙලස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ජනතා විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ravi1 ravi2

Related posts

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

රනිල්ට 54%ක්

Admin

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday