Colombo Today Local News

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක් තුළ දින හතක් පමණ නිරාහාරව විලාප නගමින් සිටි සුනඛයන් දහ හතක් බළලුන් විසි දෙනෙක් සහ ඉබ්බකු පොලිසිය මැදිහත්ව ඉවතට ගෙන ආහාර පාන ලබා දීමේ පුවතක් වාර්තා වේ.

නිවාස සංකීර්ණයේ අඩි 330ක් පමණ කුඩා නිවසක් තුළ මෙම සතුන් සිරවී නිරාහාරව සිට ඇත්තේ එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනා කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව පසුවන නිසායි.

මෙසේ සතුන් නිරාහාරව දින ගණනාවක් විලාප නගමින් නිවසක් තුළ සිරවී සිටින බවට ලද තොරතුරක් අනුව සත්ත්වවේදිනියක් විසින් එම නිවසේ නෑදෑයන්ගෙන් මෙම සතුන්ට ආහාර ලබා දීමේ අවස්ථාව ඉල්ලා තිබේ.

එහෙත් ඊට අවසර ලබා දිය නොහැකි බවට ඥාතීන් පැවසීම නිසා ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවයි සත්ත්වවේදිනි මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවේ.

Related posts

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

සැකකටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday