Colombo Today Local News

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෙන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීන අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබදව ඇතිව තිබූ නොමඟ යවන සුළු සහ අනවබෝධයන් නිරාකරණය කරනු පිණිස චීන තානාපතිවරයා අදාල ප්‍රකාශයන් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පරිසක් අමතමින් පසුගිය අඟහරුවාදා (01දා) ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් චීනයෙන් අධික පොලියකට ණය ලබා ගන්නා බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක කරනු ලබන ප්‍රකශයන්ට ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පිළිතුරු ලබා දුන්නේය. මෙම ප්‍රකාශයන් කරමින් තවත් ණය ලබාගැනීමට මුදල් ඇමතිවරයා තමා සමඟ සාකච්ඡා පවත්වන බව තානාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

”මම මේ ගැන මුදල් අමාත්‍ය රවී කරුණානායක ගෙන් ප්‍රශ්න කළා. මම ඇහුව ඔබ ලබා ගන්න ණය මුදල් වල පොලිය ගැන සතුටු නැත්නම් තවත් ණය යෝජනා ගැන කතා කරන්නේ මොකද කියල ” මාධ්‍යවේදීන් වෙත තානාපතිවරයා සඳහන් කර තිබිණි.

තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයන් නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාවයන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකාට උදව් කරමින් මිත්‍රත්වය සහ විශ්වාසයෙන් කටයුතු කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලු කෙන් සඳහන් කර තිබේ.

Related posts

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්.. පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ මුල් පුටුව දෙයි !

colombotoday

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday