ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයග්රහණය කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් විශ්වාසයෙන් කරන ලද පුරෝකථනයක්, අනපේක්ෂිත අයුරින් ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කිරීම නිසා වැරදී ගියේය.
පසුගිය ජූලි 28 දා උත්සව සභාවක් අමතමින් ජනපති මෛත්රී කියා සිටියේ හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි. ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි්රතාන්ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.