යාපනය අරියාලෙයි ප්රදේශයේදී අනවසරයෙන් වැලි ප්රවාහනය කළ ට්රැක්ටර රථයකට අද (24)දින අලුයම පොලීසියෙන් වෙඩි තබා තිබේ.
පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත අනවසර වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරම්කරුවන් පැන යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ට්රැක්ටර රථයේ රෝදයකට වෙඩි තැබීමක් සිදුකර ඇති බවය.
වෙඩි ප්රහාරය හමුවේ ජාවාරම්කරුවන් ට්රැක්ටර් රථය දමා පළාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.