ඇමරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් මැතිවරණයෙන් ජයගන්නා බවට තමන් කී අනාවැකිය සාර්ථක වූවා සේ තමන් කියූ අනෙකුත් සියළුම අනාවැකි ඒ ආකාරයෙන්ම සිදුවීම ඒකාන්ත බව ජෝතිශවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.
තමන් විසින් පවසනු ලබන ඕනෑම අනාවැකියක් වැරදුන හොත් තමන් ජ්යෙතිශ කටයුතු අතහැර දමන බවද ඔහු සදහන් කරයි.
මල් පොහොට්ටුව ලකුණින් පිහිටුවන නව පක්ෂය ඉදිරියේදී මුළු රටම දිනන බවද ඔහු පවසයි. මෙරට ඉහළම රාජ්ය නායකයෙකු පිළිබදවද විජිත රෝහණ මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක අනාවැකියක් පලකර තිබිණි.