Colombo Today Local News

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

23232326232

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ.

එම පණිවඩුයේ සිංහල පරිවර්තනය මෙසේය.

අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා
ට්‍රම්ප් සංවිධානය,
725, 5 වන පටුමඟ,
නිවුයෝර්ක් නගරය, 10022,
ඇමරිකා එක්සත් ජනපදය.

මැතිතුමනි,

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරණයෙන් ජය ගැනීම ගැන මාගේ සුභ පැතුම් ඔබතුමාට පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ කාරනා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බටත් වලංගු භාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය මුළු ලෝකයේම අවධානයට ලක් විය.  ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැටියට ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු.

මීට කලින් පැවති රිපබ්ලිකන් පක්‍ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා රාජතාන්ත්‍රික හා බුද්ධි ආශ මට්ටමින් මගේ ආණ්ඩුවට ලබා දුන් සහයෝගය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඒ උපකාරයන් තුළින් ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකි විය. ඇමරිකාවේ ජනාධිපති හැටියට ඔබගේ ධූරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට හිතවත්,
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

Related posts

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

“ඒකාබද්ධ විරෝධය අන්තිම අසාර්ථකයි: මේ පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා ” – සාගල රත්නායක

colombotoday

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday