Colombo Today Local News

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

නැවත දැනුම් දෙන තුරු ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දී සිටී.

එම දෙපාර්තමේන්තුව ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා ද මේ වනවිට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටයි.

ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය , නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල ගිගුරුම් සහිත වැසි සමග විටින් විට වැඩි වන සුළං (පැ.කි. 50 – 60) අතර මෙන්ම පැ.කි.මී. 70 – 80 ත් දක්වා ප්‍රහාරාත්මක සුළං හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

තව ද නිවේදනය මගින් ධීවර ප්‍රජාවට දැනුම් දී සිටින්නේ, ඉදිරි දින කිහිපයේ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී සුළං වේගය ක්ෂණිකව ඉහළ යන බැවින් මුහුද රළු වන බවයි.

ඒ අනුව ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

තව ද මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව අවධාරණය කෙරේ.

තව ද පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට ද්කවා වෙරබඩ ප්‍රදේශවල මහුදු රළ මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින අතර මේ හ්තුවෙන් මුහුදු රළ ගඩෙබිමට පැමිණීමේ හැකියාව ද පවතින බව එහි සඳහන් ය.

Related posts

අදත් කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසයි | දකුණු වෙරළ තීරයෙන් පමණක් මියගිය කැස්බෑවන් 16 ක්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

Admin

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday