World

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

ඉතාලියේ කේබල් කාර් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

උතුරුදිග ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයක් සහ මැජියෝරේ විල සම්බන්ධ කරමින් ඉදිකර තිබූ කේබල් කාර් රථ මාර්ගයක අනතුර සිදුවී තිබුණි.

කඳුකරය හරහා ගමන් කරමින් තිබූ කේබල් කාර් රථයක් එම රැහැනින් මිඳි මීටර් 20ක් පමණ පහළින් පිහිටි භූමියකට ඇද වැටී තිබේ.

එම අනතුරින් දරුවෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පිරිස අතර ඊශ්‍රායෙල් ජාතිකයන් 05 දෙනෙකු ද වන බව ඊශ්‍රායෙල් විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.

අනතුරින් දරුවන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා ඇති ඔවුන් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday