කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වී ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ලබන බදාදා දිනයේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුවීමට නියමිත අතර ආචාර්ය හර්ෂ ද සිල්වා හෙට දිනයේදී කොරෝනා පරීක්ෂණයක් වෙත යොමුවීමට නියමිතය.