Colombo Today Local News

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා (04) දක්වා වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (01)දින පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි බැවින් මෙම තීරණය ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර ඇත.

යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කඳවුරු ලෙස පාසල් භාවතා කිරීමට සිදුවීම මීට හේතුවක් බව ද ඇය සඳහන් කර තිබේ.

Related posts

ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ගිය මෙරට ISIS ත්‍රස්තයින් මාට්ටු

Admin

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

ගාලු තරගයේදී ප්‍රේක්ෂකයන්ගෙන් දයාසිරිට විරෝධතා.. පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday