Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

rajitha

කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තෙමින්තුවට යොමු කර පරික්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවදානය යොමු කළ බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ පියා අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීෙමි සුවිශක්ති මාතා‘ වැඩසටහනක් පයාගල රාජිත සේනාරත්න ක‍්‍රිඩාංගණයේ දී අද පස්වරුෙවි දී පැවැත්විනි.

එම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘කෝප් කමිටුෙවි සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුෙවි සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළා. එම නිර්දේශ කථානායක වරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තෙමින්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබදව කරුණු පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුනා. ඔහු පිළිබදව විශ්වාසයක් නොමැති බව ප‍්‍රකාශ  කළා. එවිට අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා ප‍්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප‍්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රශ්නයක් ඇති කර ලංකාවම ගද ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප‍්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුනා. එදා ප‍්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත‍්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි’

– නිපුන් ඒකනායක

Related posts

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday

චතුර සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර යකා නටයි. – තාත්තගේ තනියට යන්න වෙන ලකුණු.

colombotoday