Colombo Today Local News

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

etca-2652ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්‌කා ගිවිසුමට එරෙහිව ඊයේ (31 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදමින් සිටි ඉංජිනේරුවන්, සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන්ට දුම්රිය ජාතික සේවක සංගමයේ පිරිසක්‌ විසින් බැණ තර්ජනය කරමින් පහරදී තිබේ.

දුම්රිය මගීන්ට අත්පත්‍රිකා දෙමින් සිටියදී එහි පැමිණි මැර පිරිසක්‌ “යකෝ තොපි කොහොමද කොළ බෙදල ආණ්‌ඩු පෙරළන්නේ? යෑයි අසමින් මෙම පහරදීම සිදුකළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌ පැවැසීය.

මේ අවස්‌ථාවේ දුම්රිය මගීන් පිරිසක්‌ පැමිණ මැරයන්ට බැණ වදිමින් පහරදීමට එරෙහි වූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සිද්ධියෙන් පසු ඒ පිළිබඳ පැමිණිලි කිරීමට වෘත්තිකයන් පිරිසක්‌ කොටුව පොලිසියට ගොස්‌ ඇති අතර එහිදී මැර ප්‍රහාරයට ලක්‌වූ ඉංජිනේරුවරයකු සහ දුම්රිය මගියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දිවයින

Related posts

පාන් මිලත් ඉහළ යයි

colombotoday

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රනිල් – සජිත් අද සාකච්ඡාවක්

colombotoday

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

colombotoday

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

Admin

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin