Colombo Today Local News

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන බවට දුන් පොරොන්දුවට මාස තුනක් ගතවුවද විසඳුමක් නොමැති බව පවසමින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආබාධිත රණවිරුවන් පිරිසක් අද (31) කොළඹ දී විරෝධතාවක් ආරම්භ කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත මහතා සඳහන් කළේ යෝජිත සේවා විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

ත්‍රිවිද හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික පිරිසක් විසින් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා යාමට උත්සහ කිරීම හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයක් අරඹන බවද ඔවුහු කියති.

Related posts

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

ගොවීන්ට චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday