Colombo Today Local News

“ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

26592hhශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය හෙළ රජදරුවන් වන්දනා කළ හා සංවර්ධනය කළ පුදබිමක් මිස සර්වාගමික අච්චාරුවක් නොවන බව සෙල්ලිපි හා මුලාශ්‍රවලින් සනාත වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

වැරදි අදහස් සමාජගත වූ විට අනාගතයේ අනවශ්‍ය ගැටුම් පවා ඇතිවිය හැකි නිසා බෞද්ධ උරුමයන්හි අධිපතිත්වය දරන ගිහි පැවිදි කවුරුන් හෝ අදහස් පළ කිරීමේදී ප්‍රවේශම් විය යුතු යැයිද මේධානන්ද හිමියෝ අවධාරණය කරති. මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රයෙහි බුදුරදුන් ම‍ලේගිරි ශිඛර හෙවත් සමනල කන්දේ සිට ධර්මදේශනා කළ බව සඳහන් වෙනවා. ශ්‍රීපාද කන්ද ලෝක ප්‍රසිද්ධ වූ විට විවිධ රටවලින් එහි පැමිණියා. අරාබි ජාතිකයන් පැමිණ එය ආදම්ගේ කන්ද කිව්වා. එය මනඃකල්පිතයක් පමණයි. සෙනරත් පරණවිතාන මහතා ගෝඩ්ඔෆ් ඇඩම්ස්පීක් යනුවෙන් ‍පොතක් නිසා සමනල කන්ද ගැන වැරදි මතයක් ලෝකයාට ගියා. 7 වන සියවසේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයක මෙහි අගස්ති සෘෂිවරයාගේ ආරාමයක් තිබූ බව සඳහන් වුණා. නමුත් මේ කිසිම අන්‍යාගමික සටහනක් ශ්‍රීපාද කන්දේ නැහැ. මම කාලයක් ශ්‍රීපාද කන්දේ නැවතී ගවේෂණ කළා. එහි ඇති සෙල්ලිපිවල ස්පර්ශ ලාංඡන ගැනීමේදී ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින් භගවා යනුවෙන් සඳහන් වැකි හමුවුණා.

එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ දීඝජන්තු යෝධයා ශ්‍රීපාද කන්දට ඇවිත් එහි තිබූ ෙචෙත්‍යයට රතුපාට කොඩියක් පිදූ බව අටුවාවල සඳහන් වේ. එසේම දුටුගැමුණු රජුගේ ථෙරපුත්තාභය යෝධයා සමනල කන්දට ගොස් පුද පූජා කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.

අනුරාධපුර, ‍පොළොන්නරු යුගවල රජවරු ශ්‍රීපාද කන්දට යම් යම් පුද පූජා කළ බව වංශකතාවල දැක්වෙනවා. ‍පොළොන්නරුවේ 1 වෙනි විජයබා රජු ශ්‍රීපාද වඳින්න ගිය මාර්ග සුද්ධ පවිත්‍රකර තැන් තැන්වල අම්බලම් කර වූ බවද සඳහන් වෙනවා. ඒ අනුව පෙනීයන්නේ ඔහුගේ කාලයටත් පෙර සිට ශ්‍රීපාදයට පැමිණෙන මාර්ග තිබූ බවයි. එසේම ගිලීම‍ලේ හා අඹගමුව සෙල්ලිපිවලින් හැටන් හා රත්නපුර ඔස්සේ ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග තිබූ බව ඔප්පු වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රීපාදයට නැග වැඳුම් පිදුම්කර ඒ අසල ඇති භගවා ලෙනේ රජුගේ රූපය කොටා සෙල්ලිපි කිහිපයක්ම පිහිටෙව්වා.

පසුකාලීනම ඉබන්බටුවා වැනි සංචාරකයන් ශ්‍රීපාද පත්මය වඳින්න ඇවිත් නොයෙක් අයගෙන් අසා ගත් තොරතුරු ඔස්සේ වර්තා සකස් කළා. මේ හේතුව නිසා වැරදිමත ලෝකයට ගෙන යන්න එදා වගේම අදත් සමහරු උත්සාහ කරනවා.
ශ්‍රීපාද කන්ද බුදුරජුගේ ශ්‍රීපාද සටහන පිහිටි පුදබිම මිස අන්‍යාගමික හෝ සර්වාගමික අච්චාරුවක් නොවන බව නැවතත් අවධාරණය කළ යුතුයි. අපි යමක් ප්‍රකාශ කිරීමට පෙර කියන්නේ කුමක්ද යන්න අවබෝධයක් තිබිය යුතුයි. නිතරම අපි කටයුතු කළ යුත්තේ බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමටයි යැයිද එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත්  පැවැසුහ.

ලක්බිම

Related posts

හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනවා – GMOA කියයි

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

colombotoday

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday