වව්නියාව, පුන්තෝට්ටම් මදීනානගර් ප්රදේශයේදී මුස්ලිම් සහ දෙමළ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්රියේ ගැටුමක් හටගෙන තිබෙනවා.
එම ගැටුමෙන් තුවාල ලබා දෙමළ තරුණයන් දෙදෙනෙක් හා මුස්ලිම් තරුණයෙක් රෝහල්ගත කළ බවයි පොලීසිය පවසන්නේ.
දීපවාලී සැමරුම් උත්සවයකට සහභාගී මත්පැන් පානය කොට යමින් සිටියදී දෙමළ තරුණයන් ගමන්ගත් ත්රීරෝද රථය පෙරළී ඇති අතර, අදාළ පිරිස බේරා ගැනීමට මුස්ලිම් පිරිසක් පැමිණ තිබෙනවා. එහිදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබන අතර පසුය ගැටුමක් දක්වා වර්ධන වී තිබෙනවා.