Colombo Today Local News

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

kappetipola-232මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ජාතික වීරයින් 19 දෙනකු දේපළ හා මුදල් පිළිබඳව ගැටලුවක් නිසා රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැති බවත් බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාවට 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙන් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසී ය.

රාජද්‍රෝහීන් ලෙස නම් කැර ඇති එම විරුවන් එයින් මුදවා ගැනීමට අධිකරණ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.

Related posts

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

FCID ගිය පද්ම උදයශාන්තගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

colombotoday