Colombo Today Local News

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කරන්නේ, එවැනි ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු අදාළ කමිටුව විසින් සොයා බලන බවයි.

මේ වනවිට ලියාපදිංචි වී ඇතත් බදු නොගෙවන ව්‍යාපාරිකයින් පිළිබඳ එහිදී විශේෂයෙන් සොයා බලන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා ය.

මේ අතර මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ලබන වයස අවුරුදු 18 වැඩි සියලු දෙනා බදුගොනු විවෘත කිරීම ආරම්භ කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, වසරකට රුපියල් ලක්ෂ 12ට වඩා වැඩි ආදායම් උපයන්නන් බදු ගෙවීමට යටත් වන බවයි.

සෙසු පුද්ගලයින් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය ලබා ගැනීම අනිවාර්ය වේ.

Related posts

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

Admin

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday