Colombo Today Local News

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

ලංගම බස් රථයක ප්‍රවාහනය කරමින් තිබූ දඩ මස් කිලෝ 100ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඉඳුරුව හබක්ගල මංසන්ධියේ ගාලු පාරේ සිදුකළ හදිසි රථවාහන පරීක්ෂා කිරීමකදී කතරගම කොළඹ ලංගම බස් රථයක පසුපස මගී ගමන් මලු අසුරණ ස්ථානයේ තිබී මෙම දඩමස් සොයාගෙන ඇත.

එහිදී අදාළ පාර්සල් සඳහා අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්ගොඩ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය එක්ව මෙම විශේෂ සෝදිසි කිරීම සිදුකර ඇත.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අම්බලන්තොට ඩිපෝවට අනුයුක්ත ලංගම බස් රථයකි.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

චීනයේ නියෝගයක් නිසා මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කරගැනීමට රජය තීරණ කරයි

colombotoday