Colombo Today Local News

බහින්බස්වීමක් දුර දිග ගිහින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් කුඩාඔය පොලිස් වසමේ කඩවරවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ඊයේ (04)රාත්‍රියේ එක් පුද්ගලයෙකු අදාළ පුද්ගලයාට පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 38 හැවිරිදි තෙළුල්ල ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

ජනපතිගේ නියෝජිතයෙක් සෞදි රජ පවුල හමුවේ – ගල්ගසා මැරීම සිරදඩුවමකට ලිහිල් කිරීමට පොරොන්දුවක්

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday