Colombo Today Local News

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

සහල් ආනයනය කරන්නේ නම් ඒවායේ බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා රේගුවේ නිරෝධායන අංශයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්නට තීරණය කර තිබේ.

මින් පෙර ආනයනය කරන ලද සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී එම සාම්පල වලින් පහකම කැඩ්මියම්, ඊයම්, හා රසදිය වැනි මිනිස් සිරුරට හානි කර බැරලෝහ අඩංගු බව තහවුරු වී තිබූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

එම නිසා ඉදිරියේදී සහල් ආනයනය කරන්නේ නම් ඒවා බැර ලෝහ පරීක්ෂාවකින් තොරව නිදහස් නොකරන ලෙසට ඉල්ලා සිටීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

Related posts

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday