Colombo Today Local News

හුංගම නිවසකට මෙම වෙඩිතැබීමක්

හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, ඊයේ (02) රාත්‍රියේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවූ බවද පොලීසිය පවසයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇත.

වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවිය ද සමග හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දැන් මේ රට පාලනය කරන්නේ ඩයස්පොරාව ඇතුළු බටහිර ඒජන්තයෝ.. ආඩි හත්දෙනාගේ කැඳහැළිය යථාර්තයත් වෙලා

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

colombotoday

පොලිස් ලොක්කාගේ බිරිඳට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin