Colombo Today Local News

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එවැනි විනිවිදභාවයක් ඇති කරනු ලැබුවහොත් ජනතාව මීට වඩා බදු ගෙවීමේ ක්‍රමවේදයට අනුගත වනු ඇතැයි තමාගේ විශ්වාසය බවද පැවසීය.

පුවත්පත් දැන්වීමක් හෝ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මගින් හෝ බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

colombotoday

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

colombotoday

පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට උසස්වීම්

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin