World

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට එරට බූසාන් නගරයේදී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ලී ජේ මියන්ග් මෙලෙස පිහිඇනුමට ලක්ව ඇත්තේ මාධ්‍ය හමුවක් අතරතුරදීය.

ප්‍රහාරයෙන් ඔහුගේ ගෙලට තුවාල සිදුව ඇති අතර සිහිමඳ තත්ත්වයේ පසුවූ ඔහු රෝහල්ගත කර තිබේ.

ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

2022 පැවති ජනාධිපතිවරණයේදී ප්‍රබල භූමිකාවක් ඉසිලූ ලී ජේ මියන්ග් එහිදී පරාජයට පත්වූයේ සීමිත ඡන්ද සංඛ්‍යාවකිනි.

Related posts

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

colombotoday

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මියයයි

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

Video තුර්කි ගුවන්තොටුපළට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්.. 36ක් මරුට.. 150කට තුවාලයි

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday