Colombo Today Local News

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී දිවයින පුරා පිළිකා සම්බන්ධ සායනික කටයුතු බිඳ වැටීමට නොදී පවත්වා ගෙන ගිය නමුත් කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය එක්කයේ ශල්‍යකර්මවලට බාධා පැමිණුන බව විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංගමය පැවසීය.

පැමිණිල්ල බාරදුන් දිනට පසුදින කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට යමින් සිටියදී වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතාට සේවකයන් කීපදෙනකුගෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා එල්ල වන අයුරින් අඛණ්ඩව විවිධාකාරයෙන් වන හිරිහැර කිරීම් පිළිබඳව කනගාටුවට පත්වන බවත් මෙම සිදුවීම් පිළිබඳව හදිසි අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත් හැකි ඉක්මනින් ශල්‍ය ඒකකයේ වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් විශේෂඥ වෛද්‍ය සංගමය කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කර තිබේ.

Related posts

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

colombotoday

රාජ්‍ය ගෞරව සහිතව ඉහළින් පිලිගනී.. ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති මෝදි හමුවෙයි !

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday