Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කරයි.

එසේම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කර සිටී.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රජයේ අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයි ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළේය.

Related posts

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

colombotoday

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

colombotoday