Colombo Today Local News

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

කෝටි හයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු යාල රක්ෂිතයේ දී අත්අඩංගුවට පත්ව ඇත.

යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත පොලීසිය සහ යුද හමුදාව එක් ව සිදු කළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එහි දී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 1,570ක් සහ මෙරට නිශ්පාදිත ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

යාල වන රක්ෂිතයේ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ පහසුවෙන් ළඟා වීමට නොහැකි කිලෝ මීටර් 08ක් පමණ දුරින් වු අක්කර 4 ½ක භූමි ප්‍රදේශයක ගංජා වගාව පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝනගංආර පොලීසිය මඟින් සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් ක‍රයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

Admin

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday