Colombo Today Local News

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

රත්තොට ගම්මඩුව ප්‍රදේශයේ දී විදුලි සැර වැදී පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ පාසලක තැඹිලි ගසලකට නැඟ තැඹිලි කැඩීමට උත්සහ කළ පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අදාළ සිසුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් සිසුවෙකු විසින් ඔහුට ලබාදුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගම්මඩුව කළුගල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන්ය.

Related posts

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday

ශ්‍රීලනිප ඇමතිලා අද කැබිනට් හමුව වර්ජනය කරයි… ඊයේ රෑ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දු මෙන්න

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin