Colombo Today Local News

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

රබර් පටියකට ගෙල සිරවීම හේතුවෙන් කලවාන, පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කන්කානම්ලාගේ ගගන නමැති දරුවෙකි. ඔහු පවුලේ එකම දරුවා බව පොතුපිටිය පොලිසිය පවසයි.

මෙම දරුවා යකඩ මිටි, බෝර යකඩ කූරුවලට රබර් පටි ගැටගසා කැරකවීම කුඩා කාලයේ සිටම විනෝදාංශයක් සේ කර තිබෙන බවත් පෙරේදා (13)දිනයේ ද නිවසේ සිටියෙදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක් ගැටගසා කරකවමින් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අවස්ථාවේ මාපියන් නිවසේ නිදාගෙන සිට ඇති අතර දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී යකඩ කූර හිසේ වැදී රබර් පටිය ගෙල සිරවී සිට ඇත.

පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිටි දරුවා ගැන මාපියන් දැනගෙන ඇත්තේ අසල්වාසී දරුවකු කළ දැනුම්දීමකින් පසුව බව පොලීසිය පවසයි.

පොතුපිටිය රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් රැගෙන ආ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කලවාන රෝහල වෙත මාරු කර යවමින් සිටියදී මියගොස් තිබේ.

මාපියන්ගේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරන අතර පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

“ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතුයි” – ජනපතිගෙන් පණිවුඩයක්

colombotoday

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

Admin

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීමට අනු කමිටු 05ක්

colombotoday