Colombo Today Local News

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 24ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී,
හෙරොයින් 303gය 384mg
අයිස් මත්ද්‍රව්‍ය 141gය 750mg
ගංජා 10kg 565g
ගංජා පැළ 66,0573ක්
ගංජා සුරුට්ටු 04ක්
මාවා මත්ද්‍රව්‍ය 542g
තූල් 29g 810mg
මත්පෙති 1,250ක්
හෑෂ් 1g 610mg
මදනමෝදක ගුලි 135g සහ කුෂ් 1g 150mg අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

Related posts

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

Admin

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

colombotoday

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin