Colombo Today Local News

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

රුපියල් 1500ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලද මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්.ඩි.සරත් විජයතුංග විත්තිකරු අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(12)දින නියෝග කර තිබේ.

පැමිණිලිකරුවන්ගේ හා වැටලීම් කළ නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම හේතුවෙන් විත්තිකරු නිදහස් කරන බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

මැදවච්චිය පොලිසියේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කර ඇති විත්තිකරු යතුරුපැදියක් නිදහස් කිරීම සඳහා 2012 මාර්තු 6 වැනි දින රුපියල් 1500ක මුදලක් ඉල්ලා ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිලිකරුගේ ප්‍රකාශය අනුව රුපියල් දහසක අල්ලසක් ඉල්ලා ලබාගත් බවත්, අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනාගේ සාක්ෂිය අනුව රුපියල් 1500ක මුදලක් අත්අඩංගුවට ගත් බවට සාක්ෂි ලබා දී ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සාක්ෂි පරස්පර වීම හේතුවෙන් පළමු චෝදනා දෙකෙන් විත්තිකරු නිදහස් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

Admin

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව

colombotoday