පෙබරවාරි මාසයේ සිට පාසල් ප්රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය පවසයි.
පාසල් ආරම්භයේ දී එම ප්රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ලලිත් ප්රනාන්දු මහතා පැවසීය.
වැට් බදු සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.