World

‍සියයට 500කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට

ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ.

අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා අතර ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බව කියුබානු රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දී සිටී.

එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

colombotoday

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

උලමා කවුන්සිලයේ ඉහළම සාමාජිකයෙකු වන මවුලවි අහමඩ් සයින් ත්‍රස්ත ප්‍රහාරයකට සැකපිට අත්අඩංගුවට

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday