අද සමහර මාධ්‍ය මිත්රයින් ගහන ගැහිලි දිහා බලපුවාම සමහරවිට ඒ අය හිතනවා ඇති අපිට ගහන්න මෙහෙම තරම් ජනාධිපති කෙනෙක් නම් හම්බුනේ නෑ කියලා ඇති. උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා. මම සතුටු වෙනවා ඒ හැම ගැහිල්ලකටම මම ඉඩ දීලා තියෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වැනි සංවත්සරය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.