Colombo Today Local News

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

prr222

නිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ දිනයේ ජනාධිපති මෙමත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිහිවටනයක් ලෙසින් හසලක රණවිරු ස්මාරකය අසල සිටුවනු ලැබු ”නා”පැළය, පැළය සිටුවා සති දෙකක් යාමටත් පෙර කිසියම් අයෙකු විසින් ගලවා දමා ඇතැයි හසලක නගරවාසිහු පවසති.

”දාසෙන් නිරිඳුන් ඉදිකළ මිනිපේ නව දියවර පුජාවට සැරසේ ” යන තේමාව යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මගින් ක‍්‍රියාත්මක කෙරෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනට අනුගත මිනිපේ වම් ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරිමේ සමාරම්භක උළෙල ඉකුත් 06 වෙනි දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහ ගොවි ජන පදයේ ගොවින්ගේ සහභාගිත්වයෙන් හසලකදි පැවැත්වුණි.

මෙම සමාරම්භක උළෙලට පළමුව ජනාධිපති වරයා විසින් මහනුවර මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ හසලක නගරයේ රණවිරු පිළිරුව අසල ඉදිකර තිබු සමරු ඵලකය නිරාවරණය කිරිමෙන් පසු ඒ අසල සිහිවටනයක්සේ ”නා”පැළයක්ද රෝපණය කරන ලදි.

ගෙවි ගොස් ඇත්තේ දින කිපයකි. සිටවූ නා පැළය එම ස්ථානයෙන් අතුරු දහන්ය. මෙම නා පැළය සිටුවු ස්ථානය පසෙකින් නිවහනකි. එහි දරු පවුලක්ද පදිංචිව සිටී. ඉදිරියෙන් ඇත්තේ හසලක පොලිසියේ පොලිස් මුර කුටියයි. මෙම මුර කුටියේ දිවා රාත‍්‍රී රාජකාරියේ නිරත නිලධාරින්ද සිටිති. මෙම ස්ථානය රාත‍්‍රී කාලය ආලෝකමත් කිරීමට විදුලි පහන්ද දැල්වේ. මහියංගණ මහනුවර මාර්ගය දිවා රාත‍්‍රී රථ වාහන ගමන් කරන නොනිදන මාර්ගයකි. හසලක පොලිසිය විසින් රාත‍්‍රී කාලයේ නගරයේ මුර සංචාරක සේවාවක්ද පවත්වනු ලබයි.

හසලක නගරය රාජ්‍ය හා රජ්‍ය නොවන ආයතන රාශියක් පිහිටුවා ඇති නගරයක් මෙන්ම මහජන අවශ්‍යතා ඉටු කරනු ලබන වෙනත් සේවා ආයතන රාශියක්ද පිහිටා ඇති හෙයින් නගරය දහවල් කාලයේ මෙන්ම රාත‍්‍රී 10 පමණ වෙන තුරු ජනාකිර්ණය. එය එසේ තිබියදී මෙම නා පැළය අතුරු දහන් වුයේ කෙසේ දැයි නගරවාසිහු මෙන්ම ගොවි ජනපදයේ ජනතාවද අදාල අංශ වෙතින් විමසති.
නා පැළය රැගෙන ගිය අයෙකු ගැන මෙතෙක් තොරතුරක් නොමැති බවද නගරවාසිහු පවසති.

ඡායාරූප – ලක්මිබිම

Related posts

හෙරොයින් සමග තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday

“ජාතීන් වශයෙන් පාසල් ලමුන්ට අඩු වැඩි සැලකිලි, මේ ආණ්ඩුව පාසල තුළම ජාතිවාදය වපුරනවා” – හිටපු ජනපති

colombotoday

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday