Colombo Today Local News

ජාතින් අතර අසමගිය ඇතිකරන්න තප්පුලපු විග්නේශ්වරන්ටත් වැඩ වරදී

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (23)දින දන්වා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වී‍මේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව මෙම විමර්ශනය පවත්වන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය. ‘‘එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි.’’ ‘‘හමුදාව විසින් ලක්ෂයකට අධික’’ දෙමළ ජනතාව වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මරා දාලා.’’, ‘‘උතුරු පළාතේ බුදු පිළිම ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා.’’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් රූපවාහිනී වැඩසටහනවලදී ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් අතුරුගිරිය පදිංචි නදීක දර්ශන වේරදුව නමැති අය කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන අගෝස්තු 03 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට නියම කළේය.

Related posts

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

මින් ඉදිරියට ශිෂ්‍යත්වය අනිවාර්ය විභාගයක් නොවේ. චක්‍රලේඛය නිකුත් වෙයි.

colombotoday

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday