Colombo Today Local News

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24)දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයන්, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය වරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, අල්ලස් කොමිසම, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර අනූර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ, අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් විභාග කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්වද එම චෝදනාවවලට “වගකිව යූතු පුද්ගලයෙකු” බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බව ද ඔහු පැවසීය.

Related posts

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

Admin

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin