Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ හබයාස් කෝපුස් රිට් පෙත්සමක් අද (24)දින අභියාචනාධිකරණයේ දී ඉල්ලා අස්කර ගත්තේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය.

එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුනි.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ අප්‍රේල් මස 14 වන දා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පෙත්සමේ සඳහන් වේ.

Related posts

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව කතානායකට භාර දෙයි

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday