දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් හෙට (25) නත්තල් දින සහ උඳුවප් පෝදා (29) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුරාසැල් වසා දමන දිනවල නීති උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලූම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.