Colombo Today Local News

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 11ක්

රිය අනතුරුවලින් දිනකට 10 දෙනෙකු හෝ 11 දෙනෙකු මියයෑම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් රිය අනතුරු වළක්වා ගැනීමට ජනතාව මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

රිය අනතුරුවලින් දිනකදී තුවාල ලබන සංඛ්‍යාව 40ක් දක්වා වර්ධනය වී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ලංකාව තුළ දිනකට වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව 120ක් දක්වා ද වැඩි වී තිබේ.

අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ග සංඥා නොතකා කටයුතු කිරීම මෙම අනතුරුවලට මූලික හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 11ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඉන් මරණ 09ක් ඊයේ සිදුවූ රිය අනතුරුවලින් සිදුව ඇති අතර තවත් මරණ 2ක් ඊට පෙර සිදුවූ අනතුරුවලින් රෝහල්ගතකර සිටියදී ඊයේ සිදුව තිබූ මරණයන් ය.

යතුරුපැදිකරුවන් 5 දෙනෙක් සහ පදිකයින් 4 දෙනෙක් එළෙස මියගිය අය අතර වේ.

Related posts

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

20 දකුණේදීත් පරාදයි.. සභාවේ ගුටිකෙළි.. එජාප මන්ත්‍රී සෙන්කෝලය ගෙන වැසිකිළියට දුවයි (Video)

colombotoday

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

colombotoday