Colombo Today Local News

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

එල්. ටී.ටී. ඊ සංවිධානයේ කෲරත්වය එළිදක්වන මෙතෙක් නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

ලෝකයේ වර්තමාන පරපුර නොදත් නොදුටු මිලේච්ඡ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර එමගින් ලෝකයට හෙළිදරව් වේ.

මෙම වාර්තා වැඩසටහන ඇතුළත් සියලු දර්ශන එල්. ටී.ටී. ඊ සංවිධානය සතුව තිබී හමුවී තිබේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා කරන බටහිර ලෝකයට ඇඩෙලා බාලසිංහම් නමැති බටහිර කාන්තාව ශ්‍රී ලංකාවේ උතුරේදී කුඩා දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන අන්දමද මෙහි දර්ශනය වේ.

එමෙන්ම දරුවන් පමණක් නොවේ සුරතල් සතුන්, බල්ලන්, එළුවන් වෙඩි පුහුණුව සඳහා බිලි දෙන ආකාරයත්, බෝම්බ බැඳ පුපුරවා හරින අන්දමත් මේ දර්ශනවල සටහන් වී ඇත.

ඒවා මීට පෙර හෙළි නොවූ ඒවායි.

උපුටා ගැනීම- මව්බිම පුවත්පත

Related posts

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

colombotoday

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin

“ජනතාවගේ සෞඛ්‍යට සීනි අගුණයි.. සියලු සීනි නිශ්පාදන සදහා බද්දක් අයකරනවා” සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday