Colombo Today Local News

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

දිවයිනේ රෝහල් රැසක අද (24) දිනයේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල් 4ක් හා දිස්ත්‍රික් රෝහල් එකක් ඇතුළුව රෝහල් 46ක්, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීරිගම රෝහල, කරාපිටිය රෝහල, මහමෝදර රෝහල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයේ නිරතව සිටියි.

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සදහා බදවාගැනීමේදී බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය වී ඇති බවත් ඉන් තමුන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවත් ඔවුහු පැවසූහ.

කෙසේ නමුත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල පවා සපයා ගැනීමට රෝහල් බලධාරින්ට නොහැකි වී ඇත. මේ නිසා පිටස්තර ස්ථාන වලින් ආහාර සපයා ගැනීමට කටයුතු කරන බව රෝහල් කිපයක අධ්‍යක්ෂකවරු පැවසූහ.

වැඩ වර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සම්පුර්ණයෙන් අඩාල වී තිබු අතර හදිසි ප්‍රතිකාර පමණක් සිදුවෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related posts

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුල්වෙන ස්ථානයේ තිබූ අනවසර ඉදිකිරීම ඉවත් කෙරේ

colombotoday