Colombo Today Local News

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද (24)දින ඒකඡන්දයෙන් සභා සම්මත විය.

අය වැය සහිත සභා රැස්වීම සභාපති ටී.නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්ගම ප්‍රාදේශීය රැස්වීම ශාලාවේදී පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා විපක්ෂ නායක මංගල සෙනරත් ලියනගේ මහතා අය වැයට සහය පල කරමින් කතා කිරීමත් අය වැයට විරුද්ධව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ඩී.එල්.කුමාරසිරි මහතා අය වැය සදහා චන්දයක් නොඉල්ලීමත් එමෙන්ම සභාවට පත්වී සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනාම අය වැය සදහා සහභාගි නොවීමත් විශේෂයෙන්ම කැපී පෙණුනි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරු දහසයකින්ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පහකින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු තිදෙනෙකුගෙන්ද ස්වාධීන මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසි අටදෙනෙකුගෙන් සමන්විතය.

Related posts

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

colombotoday

ටී එන් ඒ නියෝජිත පිරිසක් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ හමුවෙයි

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

colombotoday

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෙනස් කර ගැසට් කරලා.. GMOA කඩුව වනයි..

colombotoday