Colombo Today Local News

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

වයස අවුරුදු 15 ක බාල වයස් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවරයන් සිදු කල බවට සැකකරුවන් 5 ‍දෙනකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කලේය.

වයස අවුරුදු 70,33 ,28,25,24 ,වයස් වල පසුවන මෙම සැකකරුවන් පස් දෙනාම දැරියගේ අසල්වැසි ඥාති අයවලුන් බවද,මවුපියන් කුලී වැඩ වලට ගොස් සිටින අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලීසිය සඳහන් කලේය.

දැරිය පාසැල් ඇරී යළි නිවසට නොපැමිණි බවට දැරියගේ මව විසින් පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර,සැකකරුවන් පැය 24 ක් යාමට පෙර අත්අඩංගුවට ගත් බවත්.සැකකරුවන් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.

Related posts

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

Admin

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday