Colombo Today Local News

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම සිදුකරන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ, අදාළ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7)දින රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී කාරක සභාව නියෝග කර ඇත්තේ, එම ව්‍යාජ ස්ටිකර් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

ව්‍යාජ ස්ටිකර් සමග මත්පැන් බෝතල් විකුණන අළෙවි සැල්වල බලපත්‍ර අහෝසි කරන ලෙස ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් එහිදී කාරක සභාවට දැනුම් දී ඇත්තේ, ව්‍යාජ ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි සංඛ්‍යාවක් සොයා ගත් බවයි.

ඒ අනුව, ඊට සම්බන්ධ එක් සමාගමකින් රුපියල් මිලියන 40කට ආසන්න දඩයක් අය කර ගත් බව ද සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින් පවසයි.

කාරක සභාව උපදෙස් දී අත්තේ, මත්පැන් බෝතල්වල නිරවද්‍යතාවය හඳුනාගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදවුමක් කඩිනමින් හඳුන්වා දිය යුතු බවයි.

රුපියල් බිලියන 06ක හිඟ බදු මුදල් ගෙවීමේ සැලසුමට අනුව අදාළ මත්පැන් නිශ්පාදනාගාර බදු නොගවන්නේ නම්, ඔත්තොම්බර් 30වන විට එම නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසි කරන ලෙසට ද ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

Related posts

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin