මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ(07)දින විදුලි සැර වැදී මියගොස් තිබේ.
66 හැවිරිදි මියගිය පුද්ගලයා පාසල්වත්ත, ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සතුන් දඩයම් කිරීම් සඳහා අනවසරයෙන් අනාරක්ෂිතව අටවන ලද විදුලි රැහැනක පැටලීමෙන් මේ පුද්ගලයට විදුලි සැර වැදී ඇති බවට අනාවරණය වී තිබේ.
මෙම අනවසර විදුලි රැහැන් අදින ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.