Colombo Today Local News

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී ඩිරාම් මිලියන 20ක (රු. කෝටි 176 පමණ) දැවැන්ත ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව ඇත.

මෙලෙස දැවැන්ත ත්‍යාගය හිමි කරගනිමින් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙකි.

මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇත්තේ, මීට වසර 16කට පෙර වන අතර ඩුබායිහි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කරයි.

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් මිතුරන් හා එක්ව ටිකට් මිලදී ගෙන ඇති තුරෙයිලිංගම් අන්තර්ජාලය ඔස්සේ ජයග්‍රාහී ටිකට්පත මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ය.

තුරෙයිලිංගම්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් විමසූ විට ඔහුගේ මිතුරෙකු පවසා ඇත්තේ, ජයග්‍රහණයත් සමග කම්පනයට පත්ව සිටින බවත් තවමත් කම්පනයෙන් මිදීමට නොහැකිව සිටින බවත් ය.

Related posts

උතුරට එක නීතියක්.. දකුණට තව නීතියක් – මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (Video)

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේ

Admin

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday